2026.03.03 වන දින මොරටුමුල්ල ප්රදේශයේදී තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර මෘත ශරීරය ත්රීරෝද රථයක දමා මොරටුව පොලිස් වසමට ගෙනවිත් දැමීමේ අපරාධය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඉහත අපරාධය සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු 2026.03.11 දින සවස පිටකොටුව පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 38 හා 49 වයස්වල පසුවන මොරටුව ප්රදේශයේ පදිංචිකරුවන් වේ. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.